කෘෂ්ණ වස්තු විකිරණය

දහනව වන සියවසේ අග භාගය වනවිට එතෙක් පැවති විද්‍යාවෙන් පැහැදිලි කල නොහැකි සංසිද්ධීන් කිහිපයක් පිලිබදව විද්‍යාඤයන් අවධානය යොමු විය. මෙවැනි සංසිද්ධීන් දෙකක් වන කෘෂ්ණ වස්තු විකිර්ණය හා ප්‍රකාශ විද්‍යුත් ආචරණය පිලිබ්දව පදාර්තය හා විකිරණය යන ඒකකය තුලදී අප අධ්‍යයනය කරන්නෙමු.

පහල ශ්‍රේණි වලදී වස්තුවක් තුලින් පරිසරයට තාපය නශ්‍ය වන ආකාර තුන පිලිබදව අප ඉගෙන ගතිමු. සංනයනය සංවහනය හා විකිරණය එම අකාර තුනයි. විකිරනයේදී තාපය පිටකරණු ලබන්නේ විද්‍යුත් චුම්බක තරංග ආකාරයෙනි. මෙම විකිරණ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ ඕනෑම ප්‍රදේශයක (අධෝරක්ත, පාරාජම්බුල, දෘශ්‍ය.. වැනි) පැවතිය හැක.
 

කෘෂ්ණ වස්තුවක් යනු කුමක්ද ? 

විකිරණ ලෙස ශක්තිය උරාගන්නා හා විකිරණ ලෙස ශක්තිය පිට කිරීමට හැකියාව ඇති ඕනෑම වස්තුවක් කෘෂ්ණ වස්තුවක් ලෙස හැදින්වේ.

පරිපූර්ණ කෘෂ්ණ වස්තුවක් එය මත පතිත වන ඕනෑම විකිරණයක් ශක්තිය ලෙස උරාගැනීමටත් ඕනෑම විකිරණයක් ලෙස ශක්තිය පිට කිරීමටත් හැකියාව දරයි.

පරිපූර්ණ කෘෂ්ණ වස්තු හුදු සංකල්පයක් පමණි. එහෙත් කෘෂ්ණ වස්තු පිලිබද පර්‍යේශණ සදහා කෘෂ්ණ වස්තුවක ලක්ශණ පෙන්වනා විද්‍යාත්මක ඇටවුමක් යොදාගනියි. එය පහත පරිදි වේ.

 පිංතූරය ලබා ගත් වෙබ් අඩවිය

සංවෘත වස්තුවක් තුල  හිස් කුහරයක්  ඇත. පිටත පෘෂ්ටයේ සිට මෙම කුහරය දක්වා කුඩා සිදුරක් සාදා ඇත. කුඩා සිදුර තුලින් කුහරය තුලට පිවිසෙන ඕනෑම විකිරණයක් කුහර පෘෂ්ඨයේ වැදී කිහිපවරක් පරාවර්තනය වීමෙන් පසු සම්පූර්ණයෙන් උරා ගනියි.එනම් මෙම කුහරයේ පෘෂ්ඨය කෘෂ්ණ වස්තුවක ලක්ශන පෙන්වයි. පිටතින් විදුලිය ලබාදෙන දගරයක් ආධාරයෙන් කුහරයේ පෘෂ්ඨය රත් කල හැක. තර්මෝකපල් උපාංගය පෘෂ්ඨයේ උෂ්ණත්වය ලබාදෙයි. කුඩා සිදුර ඉදිරියෙන් තබා ඇති විකිරණ මානයකින් පිටවන විකිරණ පිලිබද දත්ත ලබාගනියි.

මේ ආකාරයේ විවිධ ඇටවුම් යොදාගෙන විවිධ විද්‍යාඤයන් පර්‍යේශණ තුලින් විවිධ නියමයන් එලිදැක්වුණි. විකිරණ වල තරංග ආයාමය හා විකිරණ වල තීව්‍රතාවය පිලිබද කල අධ්‍යයනයකදී;

-නියත උෂ්ණත්වයකදී වැඩිම තීවෘතාවයකින් ශක්තිය පිටකරණ තරංග ආයාමයක් ඇති බව නිරීක්ශණය වුනි.(λmax)

-උෂ්ණත්වය ඉහලයෑමේදී වැඩිම තීවෘතාවක් පෙන්වන තරංග ආයාමයෙහි පහල යෑමක්ද නිරීක්ශනය වුනි.

මෙය පාදක කර ගනිමින් විද්‍යාඤ වීන් විසින් වීන් විස්තාපන නියමය ඉදිරිපත්වුණි. 

වීන් විස්තාපන නියමය

λmax - වැඩිම තීවෘ තාවයකින් ශක්තිය පිටකරණ තරංගවල තරංග ආයාමය 
T       - කෘෂ්ණ වස්තුවේ උෂ්නත්වය (කෙල්වින් අගය)
b        - වීන්ගේ නියතය ( 2.897771955... ×103 m⋅K)
 
ඈත අභ්‍යාවකාශයේ තාරකා වැනි එලිය විහිදුවන වස්තූන්ගේ මතුපිට උශ්ණත්වයන් ගනනය කිරීම සදහා මෙම සමීකරණය යොදාගත හැක. වැඩිම තීව්‍රතාවයකින් නිකුත්කෙරෙන්නේ කුමන ආයාමයක් සහිත තරංගයක්දැයි නිරීක්ශනයකර ගනනය කිරීම් සිදු කරයි. මෙහිදී එම වස්තූන් කෘෂ්ණ වස්තු ලෙස උපකල්පනය කෙරේ.

 

 -