කෘෂ්ණ වස්තු විකිරණය
කෘෂ්ණ වස්තුවක් යනු කුමක්ද ?
විකිරණ ලෙස ශක්තිය උරාගන්නා හා විකිරණ ලෙස ශක්තිය පිට කිරීමට හැකියාව ඇති ඕනෑම වස්තුවක් කෘෂ්ණ වස්තුවක් ලෙස හැදින්වේ.
පරිපූර්ණ කෘෂ්ණ වස්තුවක් එය මත පතිත වන ඕනෑම විකිරණයක් ශක්තිය ලෙස උරාගැනීමටත් ඕනෑම විකිරණයක් ලෙස ශක්තිය පිට කිරීමටත් හැකියාව දරයි.
පරිපූර්ණ කෘෂ්ණ වස්තු හුදු සංකල්පයක් පමණි. එහෙත් කෘෂ්ණ වස්තු පිලිබද පර්යේශණ සදහා කෘෂ්ණ වස්තුවක ලක්ශණ පෙන්වනා විද්‍යාත්මක ඇටවුමක් යොදාගනියි. එය පහත පරිදි වේ.
පිංතූරය ලබා ගත් වෙබ් අඩවියසංවෘත වස්තුවක් තුල හිස් කුහරයක් ඇත. පිටත පෘෂ්ටයේ සිට මෙම කුහරය දක්වා කුඩා සිදුරක් සාදා ඇත. කුඩා සිදුර තුලින් කුහරය තුලට පිවිසෙන ඕනෑම විකිරණයක් කුහර පෘෂ්ඨයේ වැදී කිහිපවරක් පරාවර්තනය වීමෙන් පසු සම්පූර්ණයෙන් උරා ගනියි.එනම් මෙම කුහරයේ පෘෂ්ඨය කෘෂ්ණ වස්තුවක ලක්ශන පෙන්වයි. පිටතින් විදුලිය ලබාදෙන දගරයක් ආධාරයෙන් කුහරයේ පෘෂ්ඨය රත් කල හැක. තර්මෝකපල් උපාංගය පෘෂ්ඨයේ උෂ්ණත්වය ලබාදෙයි. කුඩා සිදුර ඉදිරියෙන් තබා ඇති විකිරණ මානයකින් පිටවන විකිරණ පිලිබද දත්ත ලබාගනියි.
මේ ආකාරයේ විවිධ ඇටවුම් යොදාගෙන විවිධ විද්‍යාඤයන් පර්යේශණ තුලින් විවිධ නියමයන් එලිදැක්වුණි. විකිරණ වල තරංග ආයාමය හා විකිරණ වල තීව්‍රතාවය පිලිබද කල අධ්‍යයනයකදී;
-නියත උෂ්ණත්වයකදී වැඩිම තීවෘතාවයකින් ශක්තිය පිටකරණ තරංග ආයාමයක් ඇති බව නිරීක්ශණය වුනි.(λmax)
-උෂ්ණත්වය ඉහලයෑමේදී වැඩිම තීවෘතාවක් පෙන්වන තරංග ආයාමයෙහි පහල යෑමක්ද නිරීක්ශනය වුනි.
මෙය පාදක කර ගනිමින් විද්‍යාඤ වීන් විසින් වීන් විස්තාපන නියමය ඉදිරිපත්වුණි.

