යම්දෙයක් මතකයෙහි තබාගැනීමට පහසුම ක්‍රමය නම් එය නිරන්තර භාවිතයට එක්කරගැනීමයි. මෙම සටහනේ දැක්වෙන සමීකරණ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට නිරන්තර යෝදාගනිමින් සිද්ධාන්ත පිළිබද මනා අවබෝදයක් ලබාගනු ඇතැයි අප විශ්වාස කරමු.
1) කෘෂ්ණ වස්තු විකිරණය
පරිපුර්ණ කෘෂ්ණ වස්තුවකින් තාප විකිරණ විමෝචනය කරන සිඝ්‍රතාවය (P,ක්ෂමතාව), වස්තුවේ නිරපේක්ෂ උෂ්ණත්වය (T), හා සම්පුර්ණ පෘෂ්ඨිය වර්ගඵලය (A) වන විට. (σ ) ස්ටෙෆාන් නියතය- 5.67 x 10 -8 Wm -2K -4
එහෙත් මෙම සමීකරණය සැබෑ වස්තුන්ට ආදේශ කිරීමේදී, පෘෂ්ඨිය ස්වභාවය හා වර්ණය මත රදාපවතින (ඒ)- පෘෂ්ඨිය විමොචකතාව නම් නියතයක් ද සමීකරණයට එක්කරයි. පරිපුර්ණ කෘෂ්ණ වස්තු සදහා මෙම නියතයෙහි අගය 1 කි.
පරිසරයේ පවතින වස්තු පරිසරය තුලින් තාපය උරාගැනීම හා පරිසරයට තාපය විමෝචනය සිදුකරයි. මෙයින් ප්‍රමුකව සිදුවන ක්‍රියාවලිය මත සමස්තයක් ලෙස වස්තුවෙන් තාපය පිටවීම හෝ උරාගැනීම සිදුකර ඇතිද යන්න තීරණය වේ. (T) නිරපේක්ෂ උෂ්ණත්වයක ඇති වස්තුවක් (T0)නිරපේක්ෂ පරිසරයක් පවතින විට, වස්තුව මගින් තාප විකිරණ පිටකිරීමේ සඵල සීග්රතාව (P).
2) ප්‍රකාශ විද්‍යුත් ආචරණය.
සංක්යාතය (f) වන ආලෝක කිරණයක එක් කොන්ටමයක ශක්තිය(E). (h)-ප්ලාන්ක් නියතය
(6.62607004 × 10-34 m2 kg / s)
(6.62607004 × 10-34 m2 kg / s)
ලෝහ පෘෂ්ඨයක් මතට සංක්යාතය, දෙහලීය සංක්යාතයට ඉහල (f) ,සන්ක්යාතයකින් යුතු ආලෝක කදම්බයක් පතිත වූ විට, මුදාහැරෙන ඉලෙක්ට්‍රෝන වල චාලක ශක්තිය (KE) හා ලෝහයේ කාර්ය ශ්‍රිතය (Φ) වන විට.
Φ- කාර්ය ශ්‍රිතය, h -ප්ලාන්ක් නියතය, f0 -දෙහලීය සංක්යාතය,
නැවතුම් විභවය (Vs), ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය (e) හා විමෝචනය වන ඉලෙක්ට්‍රෝනයක චාලක ශක්තිය (KE) වන විට.
3) තරංග අංශු ද්වේතය.
(p)ගම්‍යතාවය ,(λ) ඩී බ්රොග්ලී,(h)ප්ලාන්ක් නියතය.
4) විකිරණශිලිතාව
A- සක්‍රීයතාව
λ - ක්ශය නියතය
N - (t)කාලයක් අවසානයේ ඉතිරිව ඇති අස්ථායී න්‍යෂ්ටි ගනන.
N0 -ආරම්භයේ පැවති අස්ථාය න්‍යෂ්ටි ගනන.
e - ඝාතීය නියතය.